Posts

Showing posts from July, 2022

ගිලි හී ගිය හීන මැවු පෙම

Image
ඔව්..අදට දස වසරක් ප්‍රේමයේ නෙත් හමු වෙලා😍  එඩිතරව මා පෙරට ගිය හැටි තවත් මතකයි ඔබ නිසා... රුවට නොවුනු ඒ ආදරය හද පත්ලෙහිම තැන්පත් වෙලා,කෙල්ලෙක් ට හමුවිය යුතුම ප්‍රේමය අනේ මා හටත් හමුවෙලා.. නැතිලු අවසර ඔබෙ වන්නට මාපියන් අකමැති නිසා..වෙන්ව යන්නද කාලයද මේ දසවසරකින් පසු එනා ඔබ පතා ආ පිංවන්තිය නොවෙද මා කොහේදෝ යයි සැගවිලා.. ඉතිං එහෙනං හදාගන්නම් හිත ඇයට ඔබ දිය යුතු නිසා.. එක් වරක් මට දෙන්න අවසර සිපගන්න ඔබේ මෘදු දෙපා.

මුළු ජීවිතයම තේරුම් ගන්න

Image
ඔබ ජීවිතයේ එක් කොටසක් පමණක් නොව මුළු ජීවිතයම තේරුම් ගත යුතුය. ඔබ කියවිය යුත්තේ එබැවිනි, ඔබ අහස දෙස බැලිය යුත්තේ එබැවිනි, ඔබ ගායනා කළ යුත්තේ නටමින්, කවි ලිවිය යුත්තේ දුක් විඳිමින්, තේරුම් ගත යුත්තේ ඒ සියල්ල සඳහා ය. —KRISHNAMURTI

මම ඔබෙ වෙන්නම්

Image
ඔබ හිටියේ කවියක දොරකඩ ගාව අපි හමු වුනේ දෙසිතක ඉනි වැට ගාව දෙපසින් ඇදෙන තිර රෙදි කරලිය ගාව එක්වනු දකින අය අවමයි හැමදාම සිතට සවිය නැතිනම් සිත සනසන්නම් ගතට සුවය නැතිනම් ඔබ ලග ඉන්නම් අදුරට බය නොවන් ආලෝකය වෙන්නම් ඔබට එපාවුන දවසක මම යන්නම් මා කට සැර වැඩිමනම් මී පැනි කන්නම් මා සිත ගොරෝසුද දෙදොහක් සිල් ගන්නම් රලු වැඩි මගෙ අතින් ඔබෙ අත නොරිදන්නම් ඔබේ දෑස් දෙස එක වර නොබලන්නම්

ඔබ ලගම

Image
එදත් අදත් සිහිනයක් වගේ ඔබත් මමත් හමුවෙලද බවේ සිතත් ගතත් ඔබ ලගයි මගේ නැවුම් සුවද දැනෙනවද නගේ මල් පෙති ඔබේ පිපෙනව හැම හිමිදිරියේ බඹරුන් රොන් සොයා එනවා හිටි හැටියේ කම්මුල් පිස හමන සුවදින් සුමිහිරියේ මන් විතරක් සැනසෙන්නද මතු දිනයේ ගෙයි පඩි නගින විට මම එතනයි සිටියේ ගෙට ගොඩ වන විටක දොර මුල්ලේ සිටියේ සයනෙහි ඔබ හිදී මම වියලෙහි සිටියේ උඩු හිත ඔබෙයි මම ඔබෙ යටි සිතෙ සිටියේ ඔබ බුදු මැදුර ලග නෙත් දෙක පියාගෙන මම ඔබෙ දකුනු පස හිද නෙත් අයාගෙන මුමුනන දෙතොල් ලග ඇස් දෙක තියාගෙන හොරහින් ඔබ බැලුවා සිනහව පුරෝගෙන

කුමකටද කවියෙක් වුනේ

Image
උදයේ පිපි මල් ගානේ යනෙනා බබරුන් වාගේ පියබා යන්නට මාගේ හිත කය ඉඩ නැතුවානේ කෙත තනියට රන් ගොයම් පැසෙනවා මල තනියට බබරුන් විත් යනවා සද තනියට තරු වට බැබලෙනවා මගෙ තනියට මම පද අමුනනවා නොකීවත් ඔබ මගෙමනේ නොසිතුවත් මැවිලා පෙනේ නොලැබුනත් ඔබෙ සුව දැනේ කුමකටද කවියෙක් වුනේ

නුබ නැතුව

Image
කුරුලන් විත් දවස තිස්සෙම අතු ගානේ නද දී හඩ කලා මඩුවෙ නෙතු මානේ උන්ගේ රහස් අතරින් නිතරම වාගේ ඇසුනා සැරි සරන සිත ගැන මේ යායේ අලුයමට නුබ නැතිව, විදින්නද හිමිදිරිය දහවලට නුබ නැතිව, කුමටද හිරු එලිය ගොම්මනට නුබ කොහිද, ගයන්නද දුක් කවිය මේ රැයට නුබ නැතුව, බලනු කිම සද එලිය

තනිකම

Image
  මාන්චූ දැමූ අත් දෙක ගෙයි පිටිපස්සේ අදහස් ගලන හිත තනියම දුම් මැස්සේ කනපිට හැරවූ දුරකතනය දොර මුල්ලේ මන් ඉන්නම් හෙට නුබෙ මතකය අස්සේ සතුට දැනෙන කල දුක්වී හඩන්නද දුකක් දනෙන කොට සතුටින් නටන්නද හද නවතින ගෙපැලෙන් පිට දුවන්නද හද අකමැති මැදුරක දිවි ගෙවන්නද

හෙට ගැන අවිස්වාසය

Image
  ඇය ලගට ඇවිත් හොරෙන් හොරෙන් දග කෙරුවත් හෙමින් හෙමින් හිත රිද්දා බිදෙන බැවින් හීන දකිනු පරිස්සමින්..! ඔහු හොරෙන් හොරෙන් ආවේ පැන යන්න නොවේ දග කෙරුවත් හෙමින් බොරු සිතකින්ද නොවේ රිදුනත් හිතට කිසිවිට ගැටලුවක් නොවේ හීන දකින්නේ නුබ නැති වෙන්න නොවේ   ඇය ඇති වෙන නැති වෙන දේ ගැන හරිහැටි අපි මොනවද දන්නේ ජීවිතයේ ඊලග මොහොතක් ගැන නුබ කොහොමද දන්නේ සිනහවෙ වෙස් ගෙන එන කදුලක් ලොව කවුරුද හදුනන්නේ හිතට අවෙසි ලෙස නොවේ කොතෙනවත් ඉරනම විසදෙන්නෙ ඔහු නැති දේ ගන්න දිරියෙන් පය තබනවද ඉරනම පරාජය බව ඔබ හිතනවද උත්සහ නොකලහොත් දිනුමක් ලැබෙනවද  වීරිය කල බුදුන් දිනුවා දන්නවද  ....