කුමකටද කවියෙක් වුනේ
උදයේ පිපි මල් ගානේ
යනෙනා බබරුන් වාගේ
පියබා යන්නට මාගේ
හිත කය ඉඩ නැතුවානේ
කෙත තනියට රන් ගොයම් පැසෙනවා
මල තනියට බබරුන් විත් යනවා
සද තනියට තරු වට බැබලෙනවා
මගෙ තනියට මම පද අමුනනවා
නොකීවත් ඔබ මගෙමනේ
නොසිතුවත් මැවිලා පෙනේ
නොලැබුනත් ඔබෙ සුව දැනේ
කුමකටද කවියෙක් වුනේ

Comments
Post a Comment