ගිලි හී ගිය හීන මැවු පෙම

ඔව්..අදට දස වසරක් ප්‍රේමයේ නෙත් හමු වෙලා😍 

එඩිතරව මා පෙරට ගිය හැටි තවත් මතකයි ඔබ නිසා...

රුවට නොවුනු ඒ ආදරය හද පත්ලෙහිම තැන්පත් වෙලා,කෙල්ලෙක් ට හමුවිය යුතුම ප්‍රේමය අනේ මා හටත් හමුවෙලා..

නැතිලු අවසර ඔබෙ වන්නට මාපියන් අකමැති නිසා..වෙන්ව යන්නද කාලයද මේ දසවසරකින් පසු එනා

ඔබ පතා ආ පිංවන්තිය නොවෙද මා කොහේදෝ යයි සැගවිලා..

ඉතිං එහෙනං හදාගන්නම් හිත ඇයට ඔබ දිය යුතු නිසා..

එක් වරක් මට දෙන්න අවසර සිපගන්න ඔබේ මෘදු දෙපා.

Comments