ඔබ ලගම
එදත් අදත් සිහිනයක් වගේ
ඔබත් මමත් හමුවෙලද බවේ
සිතත් ගතත් ඔබ ලගයි මගේ
නැවුම් සුවද දැනෙනවද නගේ
ඔබත් මමත් හමුවෙලද බවේ
සිතත් ගතත් ඔබ ලගයි මගේ
නැවුම් සුවද දැනෙනවද නගේ
මල් පෙති ඔබේ පිපෙනව හැම හිමිදිරියේ
බඹරුන් රොන් සොයා එනවා හිටි හැටියේ
කම්මුල් පිස හමන සුවදින් සුමිහිරියේ
මන් විතරක් සැනසෙන්නද මතු දිනයේ
ගෙයි පඩි නගින විට මම එතනයි සිටියේ
ගෙට ගොඩ වන විටක දොර මුල්ලේ සිටියේ
සයනෙහි ඔබ හිදී මම වියලෙහි සිටියේ
උඩු හිත ඔබෙයි මම ඔබෙ යටි සිතෙ සිටියේ
ඔබ බුදු මැදුර ලග නෙත් දෙක පියාගෙන
මම ඔබෙ දකුනු පස හිද නෙත් අයාගෙන
මුමුනන දෙතොල් ලග ඇස් දෙක තියාගෙන
හොරහින් ඔබ බැලුවා සිනහව පුරෝගෙන

Comments
Post a Comment