තනිකම

 

මාන්චූ දැමූ අත් දෙක ගෙයි පිටිපස්සේ
අදහස් ගලන හිත තනියම දුම් මැස්සේ
කනපිට හැරවූ දුරකතනය දොර මුල්ලේ
මන් ඉන්නම් හෙට නුබෙ මතකය අස්සේ

සතුට දැනෙන කල දුක්වී හඩන්නද
දුකක් දනෙන කොට සතුටින් නටන්නද
හද නවතින ගෙපැලෙන් පිට දුවන්නද
හද අකමැති මැදුරක දිවි ගෙවන්නද

Comments

Post a Comment