හෙට ගැන අවිස්වාසය









 

ඇය
ලගට ඇවිත් හොරෙන් හොරෙන්
දග කෙරුවත් හෙමින් හෙමින්
හිත රිද්දා බිදෙන බැවින්
හීන දකිනු පරිස්සමින්..!
ඔහු
හොරෙන් හොරෙන් ආවේ පැන යන්න නොවේ
දග කෙරුවත් හෙමින් බොරු සිතකින්ද නොවේ
රිදුනත් හිතට කිසිවිට ගැටලුවක් නොවේ
හීන දකින්නේ නුබ නැති වෙන්න නොවේ  
ඇය
ඇති වෙන නැති වෙන දේ ගැන හරිහැටි අපි මොනවද දන්නේ
ජීවිතයේ ඊලග මොහොතක් ගැන නුබ කොහොමද දන්නේ
සිනහවෙ වෙස් ගෙන එන කදුලක් ලොව කවුරුද හදුනන්නේ
හිතට අවෙසි ලෙස නොවේ කොතෙනවත් ඉරනම විසදෙන්නෙ
ඔහු
නැති දේ ගන්න දිරියෙන් පය තබනවද
ඉරනම පරාජය බව ඔබ හිතනවද
උත්සහ නොකලහොත් දිනුමක් ලැබෙනවද 
වීරිය කල බුදුන් දිනුවා දන්නවද 
.... 

Comments

Post a Comment